FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා සමඟ දුම්රිය, ගමනාගමන, තෙල් අදායම 50% පහතට.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින වත්මන් තත්ත්වය සමග දුම්රිය, ගමනාගමන සහ තෙල් යන ආයතනවල දෛනික ආදායම 50%කින් පහත වැටී ඇති බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මිලියන 16 ක් වන අතර එය මිලියන 8 දක්වා අඩු වී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දෛනිකව ධාවනය වන වාහන ප්‍රමාණය අඩුවීම නිසා තෙල් සංස්ථාවේ දෛනික ආදායම ද සියයට 50 කින් අඩු වී ඇති  බව එම ආයතනයේ ප්‍රධානියෙක් පවසයි.

මිට අමතරව ලංගම ආයතනයේ ප්‍රධානියෙක් කියා සිටියේ ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25 – 30 ක මුදලක් මීට පෙර ලැබුණු බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එම ආදායම පහතට වැටී ඇති බවත්ය.