(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින වත්මන් තත්ත්වය සමග දුම්රිය, ගමනාගමන සහ තෙල් යන ආයතනවල දෛනික ආදායම 50%කින් පහත වැටී ඇති බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මිලියන 16 ක් වන අතර එය මිලියන 8 දක්වා අඩු වී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දෛනිකව ධාවනය වන වාහන ප්රමාණය අඩුවීම නිසා තෙල් සංස්ථාවේ දෛනික ආදායම ද සියයට 50 කින් අඩු වී ඇති බව එම ආයතනයේ ප්රධානියෙක් පවසයි.
මිට අමතරව ලංගම ආයතනයේ ප්රධානියෙක් කියා සිටියේ ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25 – 30 ක මුදලක් මීට පෙර ලැබුණු බවත් පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසුව එම ආදායම පහතට වැටී ඇති බවත්ය.








