FAST NEWS

24×7 Around the Globe

කිසිඳු මැතිවරණයක් නෑ..පළමුව ජනාධිපතිවරණය..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය කැඳවීමට නියමිතව ඇති හෙයින් එයට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   
මේ පිළිබඳ විමසීමේදී ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සඳහන් කළේ එළැඹෙන මාස හතර තුළ පළාත් සභා ඡන්දයක් සඳහා ප්‍රතිපාදන සැලැස්වීමේ කිසිදු හැකියාවක් නැති බවය.
ඉස්ලාමීය ත්‍රස්තවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පසු දේශපාලකයන් අතර පළමුව පවත්වන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අතර, එහිදී එකඟතාවකට පැමිණ ඇත්තේ ජනාධිපතිවරණය පවත්වන තුරු වෙනත් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට කාලවේලාවක් නොමැති බවය.