FAST NEWS

24×7 Around the Globe

ස්කොට්ලන්තය සමඟ අද (18) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද (18) එඩින්ග්බරෝහිදි ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ විමට නියමීතය.
මැයි 29 වැනිදා ආරම්භ විමට නියමීත 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකාව සහභාගි වන අවසන්,එක්දින තරගාවලිය මෙයයි.
අභිනව නායක දිමුත් කරුණාරත්න කණ්ඩායම මෙහෙයවන පළමු එක්දින තරගය මෙය විමද සුවිශේෂී වේ.
මේ තරගයේදි ආරම්භක පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න සමග ළහිරු තිරිමාන්න හෝ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
එසේම මෙම තරගාවලියේදි ශ්‍රී ලංකා ජේෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විවේක ගන්වා තිබේ.
ඒ අනුව අද (18) තරගයට ක්‍රීඩා කළ හැකි අවසන් ක්‍රීඩකයින් 11 දෙනා ශ්‍රී ලංකා කණ්ඩායම්,ආරංචි මාර්ග පවසයි
ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි XI)
1.දිමුත් කරුණාරත්න 2.ළහිරු තිරිමාන්න/අවිශ්ක ප්‍රනාන්දු 3.කුසල් මෙන්ඩිස් 4.කුසල් පෙරේරා 5.ඇන්ජලෝ මැතිව්ස් 6.ධනංජය ද සිල්වා 7.තිසර පෙරේරා 8.ඉසුරු උදාන 9.සුරංග ලක්මාල් 10.ජේෆ්රී වැන්ඩර්සේ 11.නුවන් ප්‍රදීප්