FAST NEWS

24×7 Around the Globe

IS නායකයා ලිබියාවේ සැගව සිටින බවට තොරතුරු…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ISIS නායක අබුබකර් අල් බැග්ඩාඩි විසින් නිකුත් කරන ලස වීඩියෝව බ්‍රිතින්‍ය හමුදා ඒකකයක් විසින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට සැගව සිටින්නේ ලිබියාවේ බවට අනාවරණය වී ඇති බව බ්‍රිතාන්‍යයේ ද එක්ස්ප්‍රස් පුවත්පත සදහන් කරයි.
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් තරංග නිරීක්ෂණ ඒකකයක් විසින් IS නායකයා සැගව සිටින ස්ථානය ග්‍රහණය කරමින් සිටින බව අදාළ වාර්තාවේ දක්වා ඇත.
ISIS සටන්කාමීන් සිරියාවේ අත්පත්කරගෙන තිබූ ප්‍රදේශය අහිමි වීමෙන් පසුව මෙම ත්‍රස්ත නායකයා අවසන් වරට සිටි බාගෝස් නගරයෙන් වෙනත් ස්ථානයකට පළාගොස් තිබුණි.