FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට රුපියල් 15,000 ක දීමනාවක් ඉල්ලයි..!

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන්ට තවත් රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව යෝජනා කර තිබෙන රුපියල් 15,000 දීමනාවට කැබිනට් අනුමැතිය ලැබුණොත් විශ්‍රාමික මන්තීවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 50,120 දක්වා වැඩිවනු ඇත.
මේ වන විට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රී වැන්දඹුවන් සංඛ්‍යාව 454 කි.
මේ අනුව මෙම රුපියල් පහළොස් දහසේ දීමනාව අනුමත වුවහොත් ඒ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් හැට අට ලක්‍ෂ දස දහසක මුදලක් අමතරව ගෙවීමට සිදුවනු ඇත.