FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු සංක්‍රමණික නීති වෙනුවට නව ක්‍රමවේදයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට පවතින සංක්‍රමණික නීති වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තරුණ , යහපත් අධ්‍යාපනික මට්ටමක් සහිත සහ ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිය හැකි පිරිස් වෙත මෙලෙස ඇමරිකාව වෙත පැමිණීමේ හැකියාව නව ක්‍රමවේදය හරහා ලැබෙනු ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, දේශ සීමා ආසන්නයේ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට තීරණය කර ඇති අතර, නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමටත් ට්‍රම්ප් විසින් යෝජිත නව ක්‍රමවේදය මඟින් අපේක්ෂිතයි.