FAST NEWS

24×7 Around the Globe

විමල්ට උදයට පාර්ලිමෙන්තුව තුළ වරප්‍රසාද අඩු කරයි .

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස්‌ පෙරමුණ සහ උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව තුළ පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස නොසැලකීමට ප්‍රධාන පක්‍ෂ නායකයන් තීරණය කර තිබේ.

එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ නායකයන් ලෙස නොව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පමණක්‌ සැලකීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට හිමිවන වරප්‍රසාද මින් ඉදිරියට ඔවුනට අහිමි වේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන් අහිමිව යන අතර 23 (II) යටතේ සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශ ඇතුළු පක්‍ෂ නායකයන්ට හිමිවන සියලු වරප්‍රසාද ද ඔවුන්ට අහිමි වේ.

අටවැනි පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්‍ෂ වශයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ ඊ. පී. ඩී. පී. යන පක්‍ෂ හය පමණක්‌ පිළිගැනීමටත් පක්‍ෂ නායකයන් තීරණය කර තිබේ.

මේ සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.