FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අගමැති තේරිමේ ඡන්දයකට තෙරේසා එකඟ වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මීළඟ බ්‍රිතාන්‍ය අගමැතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් වූ ඡන්දයට දින නියම කරගැනීමට අගමැති තෙරේසා මේ පොරොන්දු වී තිබේ.
එලැඹෙන ජුනි මාසයේ පළමු සතියේදී බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් පසුව මෙම කාර්ය සිදු කිරිමට මෙම පොරොන්දුව ලබා දී ඇති බවත් පැවසේ.
අගමැතිනිය සහ ටෝරි මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එලැඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙය සිදුවන්නේ මෙවර බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් යළිත් වරක් එම සැලසුම ප්‍රතික්ෂේප වුවහොත් බව සඳහන්.
මීන් පෙර ඇය ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සැලසුම් තෙවරක්ම ප්‍රතික්ෂේප විය.