FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත එක්දින නායක මොර්ගන්ට තරග තහනමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -එංගලන්ත එක්දින ක්‍රිකට් නායක ඉයෙනේ මොර්ගන්ට එක් තරග තහනමක් හා තරඟ මුදලින් සීයයට 40 ක දඩයක් පනවක බ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.
පාකිස්ථානය සහග ඊයේ (14) පැවති තෙවැනි එක්දින තරගයේදි අඩු පන්දුවාර වේගය (පන්දුවාර 02 ක්) හේතුවෙන් මෙම දඩුවමට යටත් කිරිමට පියවර ගත් බන එම නිවේදනයෙහි සදහන්ව තිබේ.
මාස 12 ක කාලයක් ඇතුලත අඩු පන්දුවාර වේගය වරද සිදුකල දෙවැනි අවස්ථාව මෙය විම හේතුවෙන් තරග තහනමක්ද පනවා ඇත .
මීන් පෙර පෙබරවාරි මාසයේදිද ඉයන් මොර්ගන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අඩු පන්දුවාර වේගය වරද සිදු කර තිබේ.