FAST NEWS

24×7 Around the Globe

වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා පාස්කු ප්‍රහාරයේ මොළකරුවෙක්.. !

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඒම ප්‍රහාරයේ තාක්ෂණික කටයුතු මෙහෙයවා ඇති බව වාර්තා වේ.
ඉන්දීය බුද්ධි අංශ ඔහු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ විසින් වසර තුනක පමණ කාලයක සිට අයි.ඒස්. ත්‍රස්ත සබඳතා සම්බන්ධයෙන් විමර්ශන කර ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පාර්ශ්ව දෙක වන ජාතික තව්හීද් ජමාත් සංවිධනය හා ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් යන තහනම සංවිධාන දෙක අතර සම්බන්ධ කිරිම් මෙම 24 හැවැරිදි සැකකරු විසින් කර ඇති බවට විමර්ශන අංශ අණාවරණය කරගෙන ඇති බවත් කියැවේ.
අඩිල් අමීස් නැමැති මෙම සැකකරු අප්‍රේල් 25 දා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
මේ පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය අමීස්ගේ පියාගෙන් තොරතුරු විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ චෝදනා අසත්‍ය බව පැවසේ.