FAST NEWS

24×7 Around the Globe

කිෂූ ගෝමස් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වෙයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිවරයා වශයෙන් පසුගිය පෙබරවාරි මාසයේ පත්වූ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෙකු වන කිෂූ ගෝමස් මහතා, තමන් දැරූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති අතර, පවතින තත්ත්වය තුළ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩි වශයෙන් අවධානය යොමු කිරීමේ අරමුණින් කිෂූ ගෝමස් මහතා තමන් දැරූ සංචාරක සංවර්ධන අධිකාරියේ තනතුරෙන් මෙලෙස ඉවත් වීමට තීරණය කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් ජොහාන් ජයරත්න මහතා , සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පත්කර තිබේ.