FAST NEWS

24×7 Around the Globe

දිමුත්ගෙන් ඉල්ලිමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වර්ගවාදයෙන් ඉවත් වන ලෙසට මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී ත්ත්තවය පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
 “ මේ අපේ රටයි. කරුණාකර අපේ ශ්‍රී ලංකාවට විනාශ කරන්න එපා. ඔබ එකිනෙකාට වෛරයෙන් කටයුතු කරන්නේ නම් අපි රටක් ලෙස කවදාවත් සංවර්ධනය වෙන්න බැරිවේවි.
ඔබගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න. අපේ අනාගතය රැඳී තිබෙන්නේ ඔබගේ වත්මන් ක්‍රියාකාරිත්වය අනුවයි. ආදරය පතුරවන්න. වර්ගවාදයට එරෙහිව රැඳී සිටින්න.”