FAST NEWS

24×7 Around the Globe

IMF ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යාධාර තවත් වසරකින් දිගු වෙයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍යාධාරය තවත් වසරක් සඳහා දිගු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබදව 05 වන ඇගයීම අවසන් කිරීමෙන් අනතුරුව ඊයේ (13) තීරණය කරනු ලැබීය.
මෙරට ගෙවුම් ශේෂය හිඟය පියවීම සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම දිගුකළ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන අතර, විධායක මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීරණය අනුව තවත් ඩොලර් මිලියන 164 ක වාරිකය ද නිකුත් කෙරෙනු ඇත.
ඒ අනුව අයි.එම්.එෆ්. නවතම මූල්‍යාධාරය යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් මුළු මුදල ඩොලර් බිලියන 1.15 දක්වා ඉහළ යයි.