FAST NEWS

24×7 Around the Globe

ධම්මීක ප්‍රසාද් ටෙස්ට් පන්දු යවන්නගේ ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට.

මෙම වසරේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නන් අතර පස්වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් සමත්ව තිබෙනවා.

2015 වර්ෂයේ මේ දක්වා ටෙස්ට් තරග 7 කට කී‍්‍රඩා කළ ධම්මික ප‍්‍රසාද් බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 32 ක්. මෙම වසරේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ටෙස්ට් තරග 10 කට එක්වෙමින් කඩුලු 44 ක් බිඳහෙලු එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඞ්.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ධම්මික කඩුලු 15 ක් දවා ගැනීමට සමත් වුණා.

ඉකුත් ජූලි මස පාකිස්තානය සමග පැවති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ද ධම්මික ප‍්‍රසාද් කඩුලු 14 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

ඉන්දීය කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය නිමා වීමත් සමග ටෙස්ට් පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන තුනකින් ඉදිරියට පැමිණීමට ඔහු සමත් වුණා. එ අනුව ධම්මික ප‍්‍රසාද් මේ වන විට එම සටහනේ පසුවන්නේ 22 වැනි ස්ථානයේයි.

එම සටහනේ ඔහුට ඉදිරියෙන් සිටින එකම ශී‍්‍ර ලාංකික පන්දු යවන්නා වන්නේ රංගන හේරත්. රංගන මේ වන විට එම සටහනේ 9 වැනි ස්ථානයේ පසුවනවා. ටෙස්ට් පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ප‍්‍රථම ස්ථානයේ පසුවන්නේ දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ඬේල් ස්ටේයින්.

Capture