FAST NEWS

24×7 Around the Globe

සේවක අර්ථසාධක අරමුදලේ 6%ක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සේවක අර්ථසාධක අරමුදලේ 6%ක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේ යොදවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේ තහවුරු කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
වෘත්තීය සංගම් නායකයන් කිහිප දෙනෙකු, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවී පැවති සාකච්ඡාවකදී මෙම තහවුරු කිරීම සිදුව ඇති බවද පැවසේ.
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නායකයන් හා මහ බැංකුව අතර පැවති සාකච්ඡා වට කිහිපයෙහි එක් සාකච්ඡාවක් ලෙසද මෙය සැලකේ.