FAST NEWS

24×7 Around the Globe

දිල්ලිය පරදා චෙන්නායි අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව විශාකාපට්නම්හිදී ඊයේ (10) පැවැති දෙවැනි සුදුසුකම් ලබාගැනීමේ තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව චෙන්නායි කණ්ඩායම ලබන 12 වැනිදා මුම්බායි ඉන්දීයන්ද් කණ්ඩායම සමඟ අවසන් මහා කරගයට ක්‍රීඩා කරනු ඇත.
කාසියේ වාසි දිනු චෙන්නායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 147 ක් ලබා ගත්තේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කල චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 04 ක් පමණක් දැවි සිය ජයග්‍රහණය වාර්තා කළේය