FAST NEWS

24×7 Around the Globe

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ සිනමාහල් සංවර්ධනයට ණය පහසුකම්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ වැසී ගොස් ඇති සිනමා ශාලා නූතන සිනමා කර්මාන්තයට සරිලන ගුණාත්මක තත්වයෙන් යුතුව යළි ස්ථාපිත කිරීමට හා නව සිනමාහල් ආරම්භ කිරීම සදහා සහන ණය මුදල් ලබා දීමට නිවාස හා ,ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
වර්තමානය වන විට පසුබෑමකට ලක්ව තිබෙන සිනමා කර්මාන්තය උසස් රසවින්දනයකින් යුතුව නැවත නගාසිටුවීම සදහා රජයේ මැදිහත් වීමක් අත්‍යාවශ්‍ය බව හදුනාගෙන තිබෙන බැවින් මෙම ණය මුදල් ලබාදීමෙන් සිනමාහල් හිමියන් අභිප්‍රේරණය කිරීමට හැකිවෙනු ඇති බවත් අදාළ යෝජනාවේ දැක්වේ.