FAST NEWS

24×7 Around the Globe

කණ්ඩායමේ ගැටලුව හා දිමුත්/උපුල් ගැන හතුරුගෙන් ප්‍රකාශයක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිබූ බව පැවසෙන ගැටලු තිබුණේ මාධ්‍යවල මිස කණ්ඩායම තුළ නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත සඳහන් කළේය.
“හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඔය තිබුණු ගැටලු මම දැන ගත්තේ මාධ්‍යයෙන්. මගේ මූණට, මට දකින්න තිබුනේ නැහැ එක ම ගැටලුවක් වත්,”
“පුහුණුකරුවෙක් විදිහට මම දැක්කේ නැහැ කිසිදු ප්‍රශ්නයක්. දෙසැම්බර් මාසෙට ඉස්සෙල්ලා බැලුවහම මේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ,”
“මාධ්‍යවල යන චෝදනා මට වලංගු නැහැ. මට වලංගු වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම් ගැටලුවක් තිබ්බොත් විතරයි. එහෙම එකක් තිබ්බොත් මම ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා.”
“මේක ලොකු අභියෝගයක්. නමුත් කණ්ඩායමක් ලෙස උපරිම දක්ෂතා දැක්වුවහොත් අපිට ජයග්‍රහණය දක්වා යන්න පුළුවන්,”
එසේම දිමුත් කරුණාරත්න එක්දින නායකත්වයට පත්විම පිළිබඳවද හෙතෙම මෙහිදි සඳහන් කළේය.
“අපිට ඒ වගේ ක්‍රීඩකයෙක් අවශ්‍ය වෙලා තිබුණා. අපි ගොඩක් කාලයක් උපුල් තරංග වගේ කෙනෙකුට ඒ අවස්ථාව දීලා තිබුණා. නමුත් උපුල් අසාර්ථක වුණු නිසා තමයි දිමුත් වගේ කෙනෙක් එතනට ආදේශ වෙන්නේ. ඒක හොඳ දෙයක් කණ්ඩායමට.”