FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු අගමැතිට එල්ල වූ බිත්තර ප්‍රහාරය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ඊයේ (07) දිනයේදී මහ මැතිවරණය සඳහා වන ප්‍රචාරක වැඩසටහනකට එක්ව සිටි අතරතුර දී බිත්තර ප්‍රහාරයක් එල්ල විය.
කාන්තා සංවිධානයක් විසින් පැවැත්වූ අදාළ සම්භාෂණයට එක්වූ අගමැතිවරයා වෙත පසුපසින් පැමිණි 25 හැවිරිදි තරුණියක් මෙසේ ඔහුගේ හිසට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
අදාළ තරුණිය නිර්මාංශ ආහාර ප්‍රවර්ධනය සම්බන්ධ ක්‍රියාකාරිනියක් වන අතර පසුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේවෙතත් ඇය ගැසූ බිත්තරය පුපුරා ගොස් නැත.
මෙම ක්‍රියාව මහත් බියගුලු කටයුත්තක් බව අගමැතිවරයා පසුව සදහන් කර තිබේ.