FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලාන සංචිතයට නම් කළ කුසල් ගැන තේරිම් කමීටුවෙන් ප්‍රකාශයක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල ස්ථානයක් හොබවන කුසල් ජනිත් පෙරේරා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය වනවිට සම්පූර්ණ සුවය ලබනු ඇති බවට තේරීම් කමිටුව විශ්වාසය පළකර සිටියි.
“කුසල් තවම පුහුණුවීම් ආරම්භ කරලා නෑ. දිවීම මීට සති කිහිපයකට පෙර ආරම්භ කළා. ඔහු සීයයට 70ක් පමණ සුව අතට පත්ව තිබෙනවා යැයි අපිට දැනගන්න ලැබී තිබෙනවා” යැයි තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා සඳහන් කළේය.
කුසල් පසුගිය මාර්තු මස දකුණු අප‍්‍රිකාවේදී පැවැති එක්දින තරගාවලියේදී නැවතත් ආබාධයට ලක්ව ඉවත්වීමට සිදුවිය.
“කුසල් වැඩි කාලයක් පන්දු රකින්නේ හතරේ සීමාවේ. ඔහු එහිදී පන්දු රැකීමට වැඩි මහන්සියක් වෙනවා. ඒ හේතුවෙන් ආබාධයන්ට ලක්වෙන්නට තියෙන අවස්ථාව වැඩි බව අපට පෙනුණා” යැයි අසන්ත මහතා වැඩිදුරටත් පැවසීය.