FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව ඉරානය දෙසට යුධ නැවක් යවයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉරානයට අනතුරු හැඟවීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය දෙසට ඇමෙරිකානු යුධ නැවක් සහ භට කණ්ඩායම් යවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරානය විසින් ඇමෙරිකානු හමුදාවන්ට ප‍්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බව ඇමෙරිකානු නිලධාරීන් පවසා තිබේ.
දිගින් දිගටම ඉරානය විසින් ඇමෙරිකාවට එරෙහිව කටයුතු කරමින් සිටින නමුත් ඇමෙරිකාවට ඉරානය සමඟ යුද්ධයක් අවශ්‍ය නොවන බවද එහෙත් ඉරානයෙන් එල්ලවන ඕනෑම ප‍්‍රහාරයකට ඇමෙරිකාව සූදානම් බව ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශක ජෝන් බෙවිල්ටන් පවසා ඇත.