FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලානු ජනපති ඉවත් කිරීමට ඇමරිකානු හමුදා සහය අපේක්ෂා කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ එම ධූරයෙන් ඉවත් කිරීමට ඇමරිකාවේ හමුදා සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව එරට විපක්ෂ නායක ජුුආන් ගුවයිඩෝ පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මීට පෙර ද මදුරෝ ඉවත් කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇති අතර , මාස කිහිපයක පටන් එරට ජනතාවද ජනාධිපතිවරයාගේ පාලනය අසාර්ථක බවට සඳහන් කරමින් විරෝධතාවල නිරත විය.
එම තත්ත්වයත් සමඟ ඇමරිකාව වර්තමාන අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස සැලකෙන ජුුආන් ග්වයිඩෝට සහය පළකරනු ලැබුවේය.