FAST NEWS

24×7 Around the Globe

සම්බාහනයට මුවාවී ගිය සුපිරි ගනයේ ගණිකා නිවාසයක් වටලයි !!!

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් තලංගම පොලීසිය විසින් ඊයේ දිනයේදී වටලා තිබේ. එම වැටලීමෙන් ගණිකා නිවාසයේ කළමනාකරු හා එහි සේවයේ යෙදුනු තරුණියන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද (03) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීමට නියමිතය.

තලංගම පොලිස්ථානාධිපති ජනක කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, උ.පො.ප අමිත් ජයමහ, පො.කො කාරියවසම්, චතුරංග, මදුසංඛ, කුමාරි යන පොලිස් නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.