උතුරු කොරියාව විසින් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි හෝඩෝ අර්ධද්වීපයේ සිට කෙටි දුර මිසයිල පෙළක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානියා පවසයි.
මේ සඳහා තමන් නවීන ක්‍රමෝපාය අවියක් අත්හදා බලන බව උතුරු කොරියාව පසුගියදා ප්‍රකාශ කර තිබු අතර වියට්නාමයේ පැවති සමුළුව ප්‍රතිඵලයකින් තොරව අවසන් වීමෙන් පසු උතුරු කොරියාව සිදුකළ ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වේ.









