FAST NEWS

24×7 Around the Globe

විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක්..

(ෆාසට් නිව්ස් – කොළඹ) – විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (02) සවස ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ඒ අනුව විදේශ ගත වන අපගේ ශ්‍රමිකයන්ගේ තොරතුරු, ඔවුන් සිටින්නේ කුමන රටකද ආදීය මෙම මෘදුකාංගය ඔස්සේ දැන ගත හැකි වනු ඇති බවත් හෙතෙම පැවසීය.
දිවයිනේ ප්‍රකට දුරකථන සමාගමක් සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද විදේශ ගත ශ්‍රමිකයන් සඳහා සිම් පත් ලබා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවන අතර ඒ ඔස්සේ දේශීය දුරකථන බිලටම විදේශ ශ්‍රමිකයන්ට මෙරට ඥාතින් සමඟ අදහස් හුවමාරු කරගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.