FAST NEWS

24×7 Around the Globe

බේරේ වැව අවට වාණිජ නගරයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ වාණිජ නගරයක් බවට පත් කිරීමට රජය සැළසුම් කර තිබෙන අතර , ඊට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව නිවාස, රථ ගාල්, කාර්යාල සහ කඩසාප්පු විධිමත්ව සංවර්ධනය කර සංචාරකයන් ආකර්ශනය වන ආකාරයෙන් මෙම වාණිජ නගරය ඉදිකිරීමට යෝජනා වී ඇත.