FAST NEWS

24×7 Around the Globe

ගලගොඩඅත්තේ ඥානසාර හිමීයන් සී.අයි.ඩී ය හා බුද්ධි අංශය බන්ධනාගාරයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සිරදඬුවමකට යටත්ව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමීන් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමීයන් හමුවිමට අපරාධ පරික්ෂණ නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් එහි ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී  ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදීන් සහ ත්‍රස්තවාදීන් පිළිබඳව කරුණු දැනගැනීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව මෙසේ මුණගැසී තොරතුරු ලබාගෙන ඇති බවත් පැවසේ.
පසුගියදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පන්සල් 50 කට ප්‍රහාර එලල් වනු ඇති බව බන්ධනාගාර බස් රථයට ගොඩවිමට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් මෙසේ උන්වහන්සේගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වැඩි දුරටත් පැවසේ.