FAST NEWS

24×7 Around the Globe

සංගාගේ ටිව්ටර් ගිණුම හැක් කරයි.

කුමාර සංගක්කාරගේ නිල Twitter Account එක යම්කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් හැක්කර ඇතිබව වාර්ථා වේ.

ඔහුගේ Twitter ගිනුමට ඇතුල්වූ තැනැත්තා විසින් අසභ්‍ය පින්තූර පලකර තිබූ අතර, මේ සම්බන්ධයෙන් ඔහුගේ Twitter ගිනුම හරහාම පණිවිඩයක් නිකුත්කරමින් සංගා ප්‍රකාශ කරන්නේ නැවත සිය Twitter ගිනුම සම්පූර්ණයෙන් තමාගේ පාලනයට නතුවුන බව දැනුම්දෙනතුරු දමන Twitter පණිවිඩ නොසලකා හරින ලෙසයි.

මීට පෙරද වෙනත් රටවල ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සමාජජාල ගිනුම් හැක්කරන ලද නමුත් ශ්‍රී-ලංකාවේ ප්‍රමුඛපෙලේ අයෙකුට මෙවැනි අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේදීම Twitter ගිණුම යථා තත්ත්වයට පත් කොට තිබේ.