(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් සිය ධුරයෙන් පහකර තිබේ.
ඒ , ඔහු ආරක්ෂක තොරතුරු පිටතට ලබාදීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රධාන පෙලේ දුරකතන සමාගමක් යොදාගනිමින් දුරකතන ජාල සබඳතාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ඉහළ පෙලේ සාකච්ඡාවක් සිදුකර තිබෙන අතර , එහි තොරතුරු බාහිර පාර්ශවයන්ට හෙලිදරව් වීමත් සමග එරට පාර්ලිමේන්තුව තුළද උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.
ආරක්ෂක ලේකම් විලියම්සන් තමාට එල්ලවී ඇති චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරයි.
කෙසේවෙතත් ඔහුගේ සේවය සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් ධුරයෙන් ඉවත් වන ලෙස අගමැතිනී තෙරේසා මේ විසින් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.









