FAST NEWS

24×7 Around the Globe

අයි.සී.සීයෙන් තරිදු කෞෂාල්ගේ පන්දු යැවිමට රතු එළියක්.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෑතකදී එක්වූ යොවුන් ක්‍රීඩක තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීම සැකසහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (අයි.සී.සී.) පැමිණිලි ලැබී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (01දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අවසන් වූ තෙවැනි ටෙස්ට් තරගයේදී ඔහුගේ පන්දු යැවීම නීත්‍යනුකූල ඉරියව්වෙන් සිදුවූවාද යන්න සැකසහිත බව එම තරගයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කලමනාකාරීත්වයට දන්වා ඇත.

ඒ අනුව කෞෂාල් දින 14ක් ඇතුළත අයි.සී.සී.ය අනුමත කර තිබෙන සැකසහිත පන්දු යැවීමේ ඉරියව් පරීක්‍ෂා කරන ස්ථානයක්වෙත ගොස් තම පන්දු යැවීමේ නීත්‍යනුකූල බව තහවුරු කළ යුතු වෙයි.