FAST NEWS

24×7 Around the Globe

මුහුණූ පොතේ කළ ප්‍රකාශයක් නිසා රථ වාහන පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු බණ්ඩාරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සැකකරු මුහුණු පොතේ පළ කරන ලද ප්‍රකාශයකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රධාන කාර්යාලයේ සහකාර රථ වාහන පරීක්ෂකවරයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් මාධ්‍යප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.