රගර් ක්රීඩක මොහොමඩ් තාජුඩීන් අනතුරට පත් වූ රථය ටොයෝටා සමාගමට අයත් රථයක් නොවන බවට එම සමාගම ඊයේ (01) කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය. ඉකුත් නව වන දින අධිකරණය මඟින් නිකුත් කරන ලද නියෝගයකට අනුව ටොයොටා ලංකා සමාගම විසින් අධිකරණය විසින් යොමුකළ ප්රශ්නාවලියකට පිළිතුරු සපයමින් මෙම වාර්තාව අධිකරණය වෙත යොමුකර තිබිණි.
වාහනයේ රිය අනතුර සිදු වූ ස්ථානය හා අනතුරට භාජනය වූ රථය මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක, එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ආණ්ඩුවේ රස පරීක්ක හා අතිරේක රස පරීක්ෂක රහස් පොලිසියේ නිලධාරීන් හා සොකෝ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් මෙම නිරීක්ෂණ සිදු කළ බවට ටොයොටා සමාගම සිය වාර්තාව මඟින් අධිකරණය දැනුවත් කර තිබිණි.
මෙම වාහනයට අදාළව රහස් පොලිසිය සපයා තිබූ ලියාපදිංචි සහතිකයේ ස්කෑන් පිටපතේ විස්තර අනුව එය ටොයෝටා (Vitz) විට්ස් වර්ගයේ වාහනයක් බවත් ටොයොටා වාහන සඳහා ශ්රී ලංකාවේ නියෝජිතයින් වන අංක 337, මීගමුව පාර ,වත්තල ස්ථානයේ පිහිටි ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම විසින් ආනයනය කර ලියාපදිංචි අයිතිකරුට හෝ පෙර ලියාපදිංචි අයිති කරුවන්ට හෝ විකුණනලද වාහනයක් නොවන බවට ලේඛන පරීක්ෂා කිරීමෙන් තහවුරු වූ බවට ටොයෝටා ලංකා සමාගම අධිකරණයට වාර්තාවක් මඟින් දැනුම් දී තිබිණ.
තවද ලියාපදිංචි සහතිකය අනුව මෙම වාහනය රීකන්ඩිසන් හෝ පාවිච්චි කරනලද වාහනයක් ලෙස ආනයනය කළ වාහනයක් බවට පෙනී යන බව පවසන සමාගම මෙම මාදිලියේ වාහන ටොයොටා ලංකා සමාගම මගින් සෘජුව ආනයනය නොකරනබවත් බෝහෝ අවස්ථාවල දේශීය ආනයනකරුවන් විසින් මෙම වර්ගයේ වාහන මෙරටට ආනයනය කිරීම හෝ පුද්ගලිකව ආනයනය කරනු ලැබූ වාහනයක් බවත් මෙම වාහනයේ අලුත්වැඩියා කටයුතු සඳහා සමාගම වෙත කිසිවිටෙක යොමු කර නොමැති බවට එහි කාර්මික උපදේශක ඩබ්ලිව්. ඒ. විල්සන් පෙරේරා මහතා අධිකරණය වෙත දන්වා තිබිණ.
රිය අනතුරින් මෙම කාර් රථයේ ඉදිරිපස කොටස දකුණු පස හා වම් පස බඳ කොටස හා වාහනයේ යටි පැත්තේ කොටස්වල තැලීම් ඇදවීම් හා කැඩී යාම් සිදු වී ඇති බව පවසන සමාගම ඉදිරිපස හා පසුපස රෝදවලට හානි සිදුවී ඇති බවත් ගිනි ගැනීම නිසා වාහනයේ ඇතුළත හා පිටත පිළිස්සී යා හැකි බොහෝ කොටස් පිළිස්සී ඇති අතර සමහර ලෝහ කොටස් අධික තාපය නිසා උණු වී හැලීගොස් ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
තවද මෙම රථයේ ඇතුළත කොටස් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බැවින් අනතුර නිසා වාහනයේ මගී කුටිය හා එහි කොටස්වලට වූ හානිය නිශ්චය කළ නොහැකි බැවින් මෙම අනතුර නිසා රියදුරු හට ඇතිවිය හැකි බලපෑම ගැන මතයක් ප්රකාශ කළ නොහැකි බවට වාර්තාවේ සඳහන් ය.
මෙම අනතුර හේතුවෙන් රථයේ සුක්කානම ගැලවීයාමට හැකියාවක් නොමැති බවත් රථය ගිනි ගැනීමේදී ඇතිවන අධික තාපය නිසා සුක්කානමේ මතුපිට අලෝහ ආවරණය පිළිස්සී යන හැකි අතර එහි ලෝහ සැකිල්ල අදාළ උෂ්ණත්වයේදී උණු වී හැලීයාම සිදුවිය හැකි බවට වාර්තා මඟින් සමාගම අධිකරණය දැනුවත් කර තිබිණ.
ගිනි ගැනීම නිසා රථය අධික ලෙස පිළිස්සී ඇති නිසා ගිනි ගැනීම සිදු වී ඇත්තේ ගැටීම හේතුවෙන් ද යන්න පිළිබඳ මතයක් ප්රකාශ කළ නොහැකි බවත් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගැනීමට ලක්ව ඇති බැවින් එහි ඇතුළත වානේ ලෝහ කොටස් හැර අනෙක් අලෝහ කොටස් හා මිශ්ර ලෝහ කොටස් සම්පූර්ණයෙන්ම උණු වී හැලී ගොස් ඇති බැවින් ද දීර්ඝ කාලයක් තුළ පාරිසරික හේතූන්ට භාජනය වීම නිසා රථයේ ඉතිරිව ඇති කොටස් මළ බැඳීමට ලක් ව ඇති බැවින් ද වාහනය පිළිබඳ අමතර මතයක් ප්රකාශ කළ නොහැකි බවට සමාගම අධිකරණය වෙත දන්වා තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.