FAST NEWS

24×7 Around the Globe

මාලිංගගේ සමුගැනිම හා නායකත්වය පිළිබඳව ක්‍රිකට් සභාපතිගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ලසිත් මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වුවත් ඇතැම් විට ඔහුට හොඳ නායකයෙක් වීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලෝක කුසලාන සංචිතය නිවේදනය කිරිම සඳහා පැවැති මාධ්‍ය හමුවට එක් වෙමීන් පැවසීය.
” මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම්විට හොඳ නායකයෙක්ට ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න බෑ.
මාලිංග අපිට ඉන්න හොඳ ක්‍රීඩකයෙක්. මාලිංග තරග 13 ක් පරාජයට පත්වුණා. මාලිංග අංක එකට රට තබාගෙන ක්‍රීඩා කරයි කියලා හිතනවා. මාලිංග විශ්‍රාම ගත්තොත් අපිට හොඳ ක්‍රිඩකයන් රාශියක් ඉන්නවා.
අපි එයාට අයි.පී.එල්. ඉවරවෙනකම් ගහන්න අවස්ථාව දිලා තිබෙනවා. ලසිත් ආබාධයකට ලක්වුණොත් අපිට වෙනත් ක්‍රිඩකයෙක් දාන්න වෙනවා. අපි එයාට ආයාචනා කරනවා රට ගැන හිතලා ගහන්න කියලා.ලසිත් ගහන්නේ රට වෙනුවෙන්. එයා හොඳ තරගයක් දේවි”