(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෙනුවට, තාවකාලිකව අදේශනයක් ලෙස මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමීන් සිය මංගල අයි.පී.එල් තරගයේදිම දක්ෂතා දැක්වු බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක අල්සාරී ජෝසප් දිගින් දිගටම කණ්ඩායමට එක් කර ගැනිම වෘත්තියමය ක්‍රිකට් තීරණයක් නොවන බවත්, එය මුම්බායි කණ්ඩායම ගත් හැගිම්බර තීරණයක් බව හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් හා විස්තර විචාරකයෙක් වන සන්ජේ මන්ජේකාර් සිය ටිව්ටර් ගිණුමෙන් සඳහන් කර තිබේ.
ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලිය අතරතුර පළාත් තරගාවලියට සහභාගි විමට දිවයින පැමීණිම හේතුවෙන් සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම සමග තරගයට (19 වැනි තරගය) ඔහුගේ හිස් තැනට අල්සාරි ජෝසප් එක් කර ගැනිමට කටයුතු කළ අතර එහිදි අයි.පී.එල් හොඳම පන්දු යැවිම වාර්තා කරමීන් ලකුණූ 12 කට කඩුලු 06 ක් දවා ගැනිමට සමත් විය.
මන්ජේකාර් පෙන්වා දෙන්නේ පසුව පළාත් තරගාවලියෙන් අනතුරුව මාලිංග නැවතත් මුම්බායි කණ්ඩායම සමග එක් විමත් සමග මුම්බායි කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය වන (10 වැනිදා) කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම (24 වැනි තරගය) සමග තරගයේදි මාලිංග පසෙක තබා අල්සාරී නැවතත් ක්‍රීඩා කරවිම මුම්බායි වෘත්තීමය තත්වයට එහා ගිය හැගිම්බර තීරණයක් වන බවය.
මන්ජේකාර්ගේ ප්‍රකාශය සනාථ කරමීන් රාජස්ථාන් රොයල් කණ්ඩායම (27 වැනි තරගය) සමග ක්‍රීඩා කළ තරගයේදි අල්සාරී ප්‍රභල ප්‍රහාරයකට ලක් වෙමීන් පන්දුවාර 03 ක් පමණක් යවමීන් ලකුණූ 53 ක් ප්‍රතීවාදීන් වෙත ලබා දුන් අතර තරගයද මුම්බායි කණ්ඩායම පරාජය විය.එසේම අල්සාරී එම තරගයේදි පන්දු රැකිමේදි අබාධයකට ලක් විය.
මන්ජේකාර්ගේ ප්‍රකාශය තවදුරටත් සනාථ කරමීන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම (31 වැනි තරගය) නැවතත් කණ්ඩායමට පැමීණි ලසිත් මාලිංග පන්දුවාර 04 කට ලකුණූ 31 ක් පමණක් ලබා දෙමීන් කඩුළු 04 ක් දවා ගනිමීන් තරගයේ වීරයා බවටද පත් වෙමීන් මුම්බායි වෙත ජයග්‍රහණය නැවත කැඳවිය.
And I rest my case on this. ???? https://t.co/x9q4tfSfbT
— Sanjay Manjrekar (@sanjaymanjrekar) April 15, 2019
Slightly disappointed to see that emotions still play a part in modern cricket. MI picking Alzarri & not Malinga was an example of this. Alzarri bowled just 2 overs & MI missed Malinga badly. Cricket will become truly professional when cricket logic prevails over emotions.
— Sanjay Manjrekar (@sanjaymanjrekar) April 11, 2019
Once Rohit was not available, MI should have looked to make their bowling stronger but they dropped Malinga. Emotions prevailed over cricketing wisdom and logic. Let’s see how this goes.#MIvKXIP
— Sanjay Manjrekar (@sanjaymanjrekar) April 10, 2019








