FAST NEWS

24×7 Around the Globe

එක්දින නායකත්වයට දිමුත් පත් කෙරෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් නායක සහ දිමුත් කරුණාරත්න පත්කළ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.
ඒ අනුව එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන අයි.සී.සී එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවිමේ වගකිම ඔහුට පැවරෙනු ඇත.
අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම පත්කිරීම ක‍්‍රිකට් විධායක කමිටුවට දැනුම් දුන් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.