FAST NEWS

24×7 Around the Globe

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායම දිවයිනට.

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායම ලබන මස මුල් සතියේ දිවයිනට පැමිණෙනවා. ඒ, ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරග 02කට සහභාගි වීම සඳහායි.

කොදෙව් කණ්ඩායම පුහුණු තරග 03කට ද සහභාගි වනවා. තරග දෙකකින් සමන්විත කොදෙව් – ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන මස 18 වැනිදා ගාල්ල ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරග 03කින් සමන්විත කොදෙව් – ශ‍්‍රී ලංකා එක්දින කි‍්‍රකට් තරගාවලිය නොවැම්බර් මස පළමු වැනිදා ආරම්භ වන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදියි. එක්දින තරගයක තහනමක් පැනවීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.