FAST NEWS

24×7 Around the Globe

තීරණාත්මක ඉන්දියානු මහ මැතිවරණය ඇරඹේ…

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියර අද (11) ආරම්භ විය.
ලොව විශාලතම ඡන්දදායකයන් පිරිසක් සහභාගිවන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස මෙය හැඳින්වෙයි.
ඉන්දීය මහ මැතිවරණය අද සිට මැයි මස 19 වනදා දක්වා අදියර 07 කින් පැවැත්වෙනු ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙවර මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය තවදුරටත් බලයේ රැඳෙන්නේද යන්න තීරණය වනු ඇති බවයි .
ඡන්දය ගණන් කිරීමේ කටයුතු මැයි 23 වනදා ආරම්භ කෙරෙනු ඇති.