FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකාට නව ඇමතිකමක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත නිර්දේශ කර යැවීමට ආණ්ඩුව ඊයේ (10) තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.
එතෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සියලූම කටයුතු අධීක්ෂණය කරන ලෙසද ෆොන්සේකා මහතා වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (10) දිනයේ දැනුම් දී ඇති බවත් පැවසේ.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයට එළැඹ තිබේ.