FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල් මහ මැතිවරණයේ ජය වත්මන් අගමැතිට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊශ්‍රායල මහ මැතිවරණයේ පෙරමුණ ගැනීමට 05 වන වතාවටත් තරග බිමට වැදුණු අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලක පක්ෂය සමත්වී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළේය.
සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් මේ වන විට සියයට 97 ක ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම ප්‍රතිඵලවලට අනුව නෙතන්යාහු බහුතර බලයක් හිමිකර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වෙයි.
69 හැවිරිදි බෙන්ජමින් නෙතන්යාහු මෙවරත් ජයග්‍රහණය කළහොත් 05 වන වතාවටත් ඔහු එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇත.