FAST NEWS

24×7 Around the Globe

තිරිමාන්නගේ පිතිකරණයෙන් කොළඹ කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 04 පළාත් එක්දින තරගාවලිය යටතේ ගාල්ල හා මහනුවර කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදි අද (11) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 337 ක් රැස් කළේය.
ඒ අනුව කොළඹ කණ්ඩායම පන්දුවාර 50 තුළ සිය ජයග්‍රහණය සඳහා ලකුණූ 338 ක් රැස් කළ යුතුය.
ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දු 128 ක් තුළ එක් හයේ පහරක් හා හතරේ පහර 09 ක් සමගින් අගනා ලකුණූ 118 ක් රැස් කිරිමට ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සමත් විය.
වනිඳු හසංරංගද පන්දු 53 ක් තුළ ලකුණූ 87 ක් ලබා ගනිමීන් ගාලු ඉනිම ශක්තිමත් කළේය.
ධනංජය ද සිල්වා හා මිලින්ද සිරිවර්ධන ද ලකුණූ 32 බැගින් ලබා ගනිමීන් ඉනිම ගොඩනැගිමට දායකත්වය දැක්වුහ.

 


අවසන් මහා තරගයේ කාසියේ වාසිය ගාල්ලට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 04 පළාත් එක්දින තරගාවලියේ අවසන් මහා තරගය අද (11) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදි දිවා තරගයක් ලෙස ආරම්භ විමට නියමීතය.
ඒ අනුව ගාල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ගාල්ල කණ්ඩායම සමත් වු අතර එ අනුව පළමුව පන්දුවට පහරදිමට ඔවුන් තීරණය කළේය.