FAST NEWS

24×7 Around the Globe

පංජාබය පරදවා මුම්බායි කඩුලු 03 ක ජයක් ලබයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි- 20 ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය ලෙස මුම්බායිහිදී ඊයේ (10) රාත්‍රී පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් කණ්ඩායම කඩුලු තුනකින් පරාජය කිරිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් මුම්බායි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 04 ක් දැවි ලකුණූ 197 ක් ලබා ගත්තේය.
ඒ අනුව ලකුණූ 198 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07 ක් දැවි සිය ජය්‍රහණය තහවුරු කර ගත්තේය.
මුම්බායි කණ්ඩායමට ජය මාවත ගෙනා කිරන් පොලාඞ් පන්දු 31 කින් ලකුණු 83 ක් රැස් කළේය.පොලාඞ්ගේ ඉනිමට හතරේ පහර තුනක් සහ හයේ පහර 10 ක් ඇතුළත් විය.
මුම්බායි කණ්ඩායම මේ වන විට තරග හයකදී ජයග්‍රහණ හතරක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණිමට සමත්ව සිටියි.