FAST NEWS

24×7 Around the Globe

වාහන ආනයනය 90 % කින් පමණ පහළට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අයවැයෙන් ඉහළ දමන ලද අධික වාහන බදු හේතුවෙන් වාහන ආනයනය 90 % කින් පමණ පහළ වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා පැවසීය.
කුඩා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමේදී පනවා ඇති බදු මුදල රුපියල් ලක්ෂ 08 සිට රුපියල් ලක්ෂ 16 දක්වා ඉහළ දමා තිබිමෙන් එම වාහන ගෙන්වීම ඉල්ලුම හා අවශ්‍යතාවය මත පමණක් සිදුවන බවද ඔහු පැවසීය.
හයිබ්‍රිඩ් වර්ගයේ වැගන් ආර්, කුඩා වර්ගයේ වාහන සඳහා රේගුව විසින් බද්දක් අය කිරිම නිසා එම වාහනවල මිල රුපියල් 25000 කින් ඉහළ ගොස් ඇතැයි ද මේ වන විට එම වාහන ගෙන්වීම මුළුමනින්ම නතර කර ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.