FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල මහමැතිවරණය ඇරඹේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තියුණු මැතිවරණ උණුසුමක් ගත් ඊශ්‍රායල මහමැතිවරණය මේ වන විට ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
එරට වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය 05 වන වතාවටත් බලය අපේක්ෂා කරන අතර , විශ්‍රාමික ජනරාල් බෙනී ගන්ට්ස්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය අගමැතිවරයාව අභියෝගයට ලක්කරනු ඇති බවත් වාර්තා වෙයි.
වත්මන් රජය යළි බලයට පත්වුවහොත් පලස්තීන බටහිර ඉවුරේ යුද ජනාවාස පවතින ප්‍රදේශ ඊශ්‍රායලයට ඈදා ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥාවක් ද ලබාදී තිබේ.