FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී ජාතික ආණ්ඩු යෝජනාව ඉවත දමයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කෙරෙන එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආණ්ඩු යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් තමන් හමුවී ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කළ බවත් තමන් එය එකහෙළා ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ප්‍රකාශ කර ඇත.
ඒ සමඟම එ.ජා.ප.යෙන් ලබාදුන් යෝජිත ඇමැති ලැයිස්තුවද තමන් ප්‍රතික්ෂේප කළේ යැයිද තමන් නැවතත් එ.ජා.ප.ය සමඟ ජාතික ආණ්ඩුවකට නොයන බැවින් ඒ ගැන කෙරෙන ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ට ජනපතිවරයා පවසා ඇත.
එහෙයින් ජාතික ආණ්ඩු ගැන කතා නොකර පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු තර කරන්නැයිද ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ට කියා තිබේ.