FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යය ඉංජිනේරුවන්ගෙන්, ශබ්දයේ වේගය මෙන් තෙගුණයක එන්ජිමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍යය ඉංජිනේරුවන් පිරිසක් විසින් ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක වේගයකින් ගමන් කිරීමට හැකි යානා සඳහා භාවිත කෙරෙන බලවේග එන්ජිමක් නිපදවීමට පර්යේෂණ ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අලුතින් නිපදවන බලවේග එන්ජිම, රොකට් සහ ජෙට් යානා ගමන් කිරීම සඳහා ගනු ලබන එකතුවක බලය හා සමාන වන බවත් , සේබර් නමින් හැඳින්වෙන මෙය තාක්ෂණයේ ඉදිරි පිම්මක් වනු ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.
ඒ අනුව මෙම අධිවේගී තාක්ෂණික එන්ජිම සාර්ථක වුවහොත් යානාවලට පෘථිවිය වටා සුළු කාලයකින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.