FAST NEWS

24×7 Around the Globe

දිල්හාර ලොකුහෙට්ටිගේ හට තවත් දූෂණ චෝදනා..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමීන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හට දූෂණ චෝදනා තුනක් එල්ළ කර තිබේ.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති තුනක් ඔහු උල්ලංඝනය කර ඇති බව අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
‍ෙමුදලට තරඟ පාවාදීම, ඒ සඳහා උපක්‍රම යෙදවීම හෝ වෙනත් අයෙකු එවැනි ක්‍රියා සඳහා පෙළඹවීම හෝ මුදලට තරඟ පාවාදීමට උපක්‍රම යෙදවීම සඳහා වෙනත් පාර්ශව සමඟ සම්බන්ධවීම හා බලපෑම් කිරීම ඔහුට එරෙහිව එල්ලවී ඇති එක් චෝදනාවක් වන අතර සෘජුව හෝ වක්‍රව දූෂණ මර්ධන පනත උල්ලංඝනය කිරීම සඳහා බලපෑම් කිරීම දිරිගැන්වීම දෙවැනි චෝදනාව ලෙස සඳහන්ව තිබේ.
ඔහුට එල්ලකර ඇති තෙවන චෝදනාව වන්නේ දූෂණ කටයුතු සඳහා සිදුවන පරීක්ෂණවලට අවශ්‍ය කරුණු කාරණා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකකයට හෙළි කිරීමට සමත් නොවීමය.
පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආයතනය දිල්හාර ලොකුහෙට්ටිගේ හට එල්ලකළ චෝදනාවලට අමතරව ඔහුට මෙම චෝදනා ගොනුකර තිබේ.
මෙම චෝදනා සඳහා නිදහසට කරුණු දැක්වීමට දින 14 ක කාලයක් ICC ය විසින් දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත ලබාදී ඇති අතර එම කාලය ඊයේ (03) දිනයේ සිට ක්‍රියාත්මක වන බව අයි.සී.සී ය නිවේදනය කර තිබේ.