FAST NEWS

24×7 Around the Globe

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල්දැමීමේ යෝජනාවට අනුමැතිය හිමිවේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල්දැමීමට අදාළ යෝජනාව සම්මත කරගැනීම සඳහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.
කෙසේවෙතත් එම යෝජනාව සම්මත වූයේ එක් වැඩි ඡන්දයකින් පමණක් වීම විශේෂත්වයක් වන අතර මෙම යෝජනාව බලාත්මක වීමට පෙර සාමි මණ්ඩලයේ අනුමැතියද ලබා ගත යුතුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වන බ්‍රෙක්සිට් සැලසුමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය නොලැබීම හේතුවෙන් නියමිත දිනට එම සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණි.
අදාළ යෝජනාව සඳහා ඡන්ද විමසුම පැවැත්වීමට පෙර අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් අතර සාකච්ඡාවක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කරයි.