FAST NEWS

24×7 Around the Globe

කොළඹින් දඹුල්ලට ලකුණූ 238 ක ඉලක්කයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 04 පළාත් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස, කොළඹ කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදි අද (04) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණූ 238 ක් රැස් කළේය.
කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දු රැකිමට තීරණය කළේය.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්ද ලකුණූ 54 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණූ 42 ක් රැස්කළේය.
පන්දු යැවිමේදි කඩුළු 04 ක් දවා ගැනිමට ජීවන් මෙන්ඩිස් සමත් විය.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා දඹුල්ල කණ්ඩායම ලකුණූ 239 ක් රැස් කළ යුතුය.
ලකුණූ පුරුව