FAST NEWS

24×7 Around the Globe

මහනුවරින් ගාල්ලට ලකුණූ 255 ක ඉලක්කයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 04 පළාත් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස, මහනුවර කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පල්ළේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණූ 255 ක් රැස් කළේය.
මෙම තරගයේ කාසියේ වාසිය මහනුවර කණ්ඩායම දිනා ගැනිමට සමත් වු අතර ඒ අනුව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණූ 65 ක් හා සදුන් වීරක්කොඩි ලකුණූ 56 ක් ලබා ගත්හ.
පන්දු යැවිමේදි මහනුවර කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජීත හා වැන්ඩර්සේ කඩුලු 03 බැගින් බිඳ හෙළුහ.
මේ අනුව මහනුවර කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක් රැස් කළ යුතුය.
මෙම තරගයේ ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන අතර මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරති.
ලකුණූ පුරුව..